ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානියෙකු එකඟ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
පක්ෂය පිළිබඳ කලකිරී සිටින තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග කැටගොඩ මහතා මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී තිබෙන අතර, නියෝජ්‍ය ඇමති ධුරය සඳහා නිශ්චිත විෂයක් තවම පවසා නැතැයි වාර්තා වෙයි.
මේ අතර ජයන්ත කැටගොඩ මහතාගේ නායකත්වයෙන් යුතුව ප්රජාතන්ත්රවාදී විකල්ප පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂය පිහිටුවීමෙන් පසු එහි පළමු කාර්යය ලෙස ලබන 12 වැනිදා කොළඹදී පා ගමනක් සංවිධානය කර තිබේ.
එසේම ජාතික සමුළුවක්ද පැවැත්වීමට අදාළව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින අතර, ඒ සඳහා ප්රජාතන්ත්රවාදී භික්ෂු සංවිධානයේ හිටපු ලේකම් බියගම සුසිල හිමියෝ ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටිති.