පළාත් පලන මැතිවරණයේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදන ලෙසත් පරාජයට පත්වූ අපේක්ෂකයන්ට හිරිහැර නොකරන ලෙසත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරයි.
“ජයග්‍රාහකයන්ට අපේ සුබ පැතුම් එක්කරනු ලබනවා. මේ සඳහා කැපවෙලා වැඩකරපු සියලු දෙනාට මගේ ස්තූතිය පුදකරන්න කැමතියි. නොයෙක් බලපෑම් එක්ක තමයි ඔවුන්ට වැඩ කරන්න සිදුවුණේ. පරාජයට පත්වූවන්ට හිරිහැර නොකර ඔබගේ ජයග්‍රහණය භුක්ති විදින්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්. අපිට කෙසේ කළත් අපි ආදර්ශමත් වෙන්න ඕන. ආදර්ශමත්ව අපේ ජයග්‍රහණය සාමකාමීව පරාජය වූ අපේක්ෂකයන්ට කරදරයක් නොවන පරිදි කටයුතු කරන්න.”