අලුත් අවුරුදු දිනයන්හිදීත් ශ්රී ලංකා වරාය අධිකාරීයේ ජය බහාලු පර්යන්තය හා සමගි බහාලු පර්යන්තය සිය මෙහෙයුම් සිදු කර ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව එම පර්යන්ත දෙකේ ග්රැන්ටි දොඹකර 38ක්, ක්රියාකාරිත්වයෙන් ප්රධාන නෞකා පහක්, පෝෂණ නෞකා 08ක් මෙම මස 13දා හා 14දා මෙහෙයුම් සිදුකර ඇති බව වරාය අධිකාරිය පවසයි.
එම දින දෙකේදී අඩි 20 සම ඒකක බහලු 7459ක් හා 6259ක මෙහෙයුම් ධාරිතාවක් සිදුකිරීමට හැකි වූ බවද වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.