ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් ආරම්භ කිරීම සඳහා මේ දිනවල මූලික සාකච්ඡා පැවැත්වෙන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ සම්බන්ධව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම්දුන් බවද ඇමතිවරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත ඉංජිනේරු පීඨය ආරම්භ කරන බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.
පසුගිය රජය යටතේද ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබුණ බවද හෙතෙම ප්‍රකාශ කළේය.