ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුවුණා යැයි කියන සිසු මර්ධනය නතර කරන ලෙසට බලකරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පවත්වාගෙන යන සත්යග්රහ ව්‍යාපාරයේ යෙදී සිටි සිසුන් පිරිසකට අද (13 දා) අලුයම් කාලයේ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සම්පත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ජලයේ දිය කළ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ බවත්, සත්‍යග්‍රහයේ යෙදී සිටි ස්වාමීන් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු පිරිසක් එම ප්‍රහාරයට ලක්වූ බවත්ය.
අදාළ පුද්ගලයන් දෙදෙනා පැමිණි යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව ගලවා තිබූ බව කී වික්‍රමසිංහ මහතා පිටුපස අංක තහඩුව රෙදිකඩකින් වසා තිබුණු බව පවසා සිටියේය.