ජපානයේ ඔසාකා නගරයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස 3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ප්‍රදේශයේ ගුවන් තොටුපොළ පැය කිහිපයකට වසා දැමුණු අතර, දුම්රිය මාර්ගවල බාධා සිදුව ඇති බවත්, කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ඇණහිටි බවත් සඳහන් වෙයි.
මෙම ප්‍රබල භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ අතර, ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරද සුපුරුදු පරිදි ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව කියයි.
ජපානයේ ඔසාකා නගරයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පාසල් දැරියක සහ තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය රික්ටර් මාපකාංක 6.1ක ප්‍රබලත්වයක් ගත් අතර මේ හේතුවෙන් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයිද එරට රජය පවසයි.
මෙම භූමිකම්පාව ජපාන වේලාවෙන් උදෑසන, කාර්යබහුල වේලාවක ඇතිව ඇති අතර ඒ හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් නගරයේ විදුලියද බිඳවැටී ඇති අතර සහන කටයුතු සඳහා ප්රමුඛත්වයක් ලබා දෙන බව ජපාන අගමැති ෂින්ෂො අබේ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.