මෙරට ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ ජපානයේ හිටපු අගමැති යුකියේ හතොයාමා මහතා සහ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද (14දා) පවත්වා තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපානයේ හිටපු අගමැතිවරයා සමග පැමිණි ජපානයේ ව්‍යවසායකයන් කණ්ඩායමක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී මෙරට ශ්‍රමිකයන්ට තාක්ෂණික අංශයේ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ජපානයේ සේවාස්ථ පුහුණු රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීම පිළිබදව මෙන්ම ඒ සඳහා වන මූලික එකඟතාවන් පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබේ.
එම අවස්ථාවට විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාද එක්විය.