ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් රු.මිලියන 275ක් වටිනා (ජපන් යෙන් මිලියන 240ක්) ආහාර ආධාර ප්රදානයක් ශ්රී ලංකා රජය වෙත සිදුකර තිබේ.
ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි මෙම ආධාර තොගය ලෝක ආහාර වැඩසටහනේ හදිසි වැඩසටහන් හා උතුරේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා යොදාගනු ඇත.
එහිදී, මෙම ආහාර බෙදාදීමේ අධීක්ෂණ කටයුතු ශ්රී ලංකා රජය විසින් සිදුකරනු ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
2012 සිට 2014 දක්වා ජපාන රජය ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්රී ලංකා රජය වෙත ජපන් යෙන් මිලියන 500ක ආධාර ලබාදී තිබේ.