සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් මකිනාමි (ඩීඩී - 112) සහ සුසුනාමි (ඩී - 114) යන නෞකාවන් දෙක අද දින (10දා) දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා කොළඹ වරායට සේන්දු විය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික චාරිත්ර හා සම්ප්රදායන්ට අනුව මෙම නෞකා පිළිගන්නා ලද අතර, 2009 වර්ෂයේ සිට මේ දක්වා ජපාන සාගරික ස්වයං ආරක්ෂක හමුදාවට (JMSDF) අයත් නෞකාවන් කොළඹ වරායට පැමිණි 50 වන අවස්ථාව ලෙස මෙය සනිටුහන් වී ඇත.