ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් වෙනුවෙන් පැමිණි ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා අද (08දා) උදෑසන කැලණිය රාජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
බුදුරාජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියක් ලෙස සැලකෙන කැලණියේ රාජමහා විහාරය වෙත පැමිණි ජපාන නායකයා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත්වලට සහභාගි වූ අතර, සධාතුක කරඬුව ජපන් අගමැතිවරයාගේ හිසෙහි තබමින් ඔහුට ආශිර්වාද කිරීමද විහාරාධිපති හිමියන් අතින් සිදු වූහ.
හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් මහතා විසින් අඳින ලද බිතුසිතුවම් ජපාන අගමැති සහ ආර්යාව නැරඹූ අතර, ඔහු එම බිතුසිතුවම් අගය කරමින් කතා කළේය.