ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා තම සංවිධානයේ නිරීක්ෂකයන් පහළොස්දහසක් පමණ (15000) සහභාගී වීමට නියමිත බව පැෆරල් සංවිධානය පැවසීය.
අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ විදේශීය නිරීක්ෂකයන් 35 දෙනෙකුද මෙරටට පැමිණීමට නියමිත බවයි.
මේ වනවිට පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 289 ක් සිදුවී මැතිවරණ නීති උල්ලංඝනයන් 336 ක් සිදුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.