තමාගේ පාලන කාලයෙ සිටි පරිසර ඇමැතිවරුන් කසළ ප්රශ්නය විසඳීම සඳහා ක්රියාත්මක නොවුණු නිසා හිටපු ආරක්ෂක ලේකම්වරයාට එම කටයුතු පැවරීමට සිදුවුනු බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාපැවසීය.
මිනුවන්ගොඩ පෙරේදා (22දා) පැවැති දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වැනි ජන්ම දින සමරු උත්සවයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා,
“අපේ කාලයෙත් පරිසර ඇමැතිවරුන් හිටියා. පරිසර ඇමැතිවරුන් ක්රියාත්මක නොවුණු නිසා තමයි ආරක්ෂක ලේකම්වරයාට මේක බලන්න කියලා කියන්න වුණේ. එයා ඒක කළා.
දැනුත් පරිසර ඇමැතිවරුන් ඉන්නවා. මෙයාලා ඒවා බලන්න ඕනේ. ජනාධිපතිටම සේරම බලන්න බැහැනේ. ඒ නිසා විවේචන කරනකොට තමන් කරපු වැරැදිත් කල්පනා කරලා විවේචනය කරනවා නම් හොඳයි” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.