ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නොවැම්බර් 01 – 04 කාලසීමාව තුළ තායිලන්ත සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
තායිලන්ත අග්රාමාත්යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ සංචාරය සිදුකිරීමට නියමිතය. නොවැම්බර් 01 වනදා තායිලන්තය බලා පිටත්වන ජනාධිපතිවරයා එහිදී ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වනු ඇතිබව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.