ආසන්න වශයෙන් ගතහොත් මේ වනවිටමෙරට තුළ ජනාධිපතිවරයාගේ කටවුට් 1000 ක් පමණ තිබෙන බවත්, ඒ අනුව එම කටවුට් සඳහා රුපියල් මිලියන 2000 ක පමණ මුදලක් වැයකර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරදිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ,'මහින්දට තුන්වරක් බෑ, නීතිවිරෝධී ජනාධිපතිවරණ අභියෝගය' යන මැයෙන් ඊයේ (10දා) අනුරාධපුරදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකවරයා,
"මාතර යනකොට හැමතැනම කටවුට්. අඩුම තරමෙ මේකටවුට් එකකට යනවා රුපියල් ලක්ෂ 20 ක්වත්. හැම එකකටම යකඩ ෆ්‍රේම් ගහලා තියෙනවා. කොන්ක්‍රීට් ගහලා තියෙනවා.මේ ඔක්කොම නිර්මාණය කරන්නෙ කොළඹ. ඒවා පටවගෙන රටහැමතැනම ගෙනියන්න ඕන. ඒවාට සේවකයො වෙනම ගෙනියන්න ඕන.මේ සියල්ල සඳහා විශාල වියදමක් සිදුකරනවා. ආසන්න වශයෙන් ගත්තොත් දැන් රටේ ජනාධිපතිවරයාගෙ කටවුට් 1000 ක්වත් තියෙනවා. අඩුම තරමේ ඒ කියන්නෙ මිලියන 2000 ක විතර කටවුට් තියෙනවා."