ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා බැඳුම්කර වාර්තාවේ හෙළි නොකළ පිටුවල අඩංගු කරුණු පිළිබඳව මන්ත්රීවරුන්ට විමසීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් අද (07දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
අර්ජුන් ඇලෝසියස් සමග චෙක් ගනුදෙනු කළ 118 දෙනෙකුට අමතරව 166 දෙනෙකු සම්බන්ධව මේ වන විට වාර්තා පළවෙමින් තිබෙන බැවින් ඒ ගැන විමසීමට සුදුසුම පුද්ගලයා ජනාධිපති ලේකම්වරයා බවද දිසානායක මහතා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සෑම විටම තමාට සහය ලබාදුන් බවත්, ඔහු බැඳුම්කර වාර්තාවේ පිටු සඟවාගෙන සිටිනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස නොකරන බවත්ය.