ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය සංචාරයේ නිල කටයුතු හෙටින්(17) ඇරඹෙන අතර ජනාධිපතිවරයා අද පස්වරුවේ ජර්මන් යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීට එක් විය. 20 වන ශතවර්ෂයේ යුදෙව්වන්ට මුහුණ දිමට සිදුවූ අභාග්‍ය සම්පන්න ඉරණම සිහිකරමින් යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් මෙම ස්මාරකය ඉදි කෙරිණි. අමාත්‍ය රවී කරුණානායක, දයා ගමගේ, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.