ජනාධිපති ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල සිදු වී ඇතැයි කියන දූෂණ වංචා රාජ්‍ය සම්පත් අවභාවිතය, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිදු කෙරෙන විමර්ශන වලට අදාළව එම ආයතනවල නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ඊයේ(23) ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ප්‍රකාශ සටහන් කැරගත් පිරිස අතරට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරයකු, අධිකරණ අමාත්‍යාංශයේ ගණකාධිකාරිනියක්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකරු, පොල් සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂකවරයකු ඇතුළත් වෙයි.
එයාර් ලංකා කේටරින් සේවාවේ අක්‍රමිකතා අන්තර්ජාතික බේරුම්කරණ මණ්ඩලයක් පිහිටුවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා මීගමු කලපුව සංවර්ධනය හා සම්බන්ධ අක්‍රමිකතා හලාවත වැවිලි සමාගමේ සිදුවී තිබෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසම සිදු කැරගෙන යයි.