එංගලන්තයේ සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒඅනුව ලන්ඩන් නුවර සිට ජනාධිපතිවරයා සිංගප්පූරුව හරහා ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර දෙපාර්ශවීය රාජතාන්ත්‍රික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත අතර ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි උජ්ජාන්හිදී පැවැත්වෙන උත්සවයකටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතය.