ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අනුරුවක් පුළුස්සා උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයින් දස දෙනෙකු ඉන්දියාවේ කුම්ඹක්කෝනම් ප්රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘ද හින්දු’ පුවත්පත පවසන්නේ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයට අනවසරයෙන් ඇතුළු වන සියලූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බවට ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප්රකාශයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ යෙදී ඇති බවයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ද මීට පෙර මෙවැනිම ප්රකාශයක් සිදුකළේ යැයි ද උද්ඝෝෂකයින් පෙන්වා දී තිබෙනවා. ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කරකළ බව ‘ද හින්දු’ පුවත්පත වැඩිදුරටත් පැවසයි.