ජනවාරි මාසයේ ගතවූ දින කිහිපය තුළදී කොළඹ ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 120 දෙනෙකු වාර්තා වූ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පැවසීය.
අලුතෙන් ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන මෝදර, මට්ටක්කුලිය, කොටහේන, වනාතමුල්ල, බොරැල්ල, නාරාහේන්පිට, සහශ්රපුර හා කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවලින් වැඩිවශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බව හෙතෙම කීය.
මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා රාජ්‍ය, පෞද්ගලික ආයතන අවට පිරිසුදු කිරීමට සෑම මාසයකම අවසාන සිකුරාදා දිනයද, නිවාස පිරිසුදු කිරීමට අවසාන ඉරිදා දිනයද යොදාගන්නැයි කාරියවසම් මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.