මේ වසරේ ජනවාරි පළමු වන දින සිට අද (31දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හයදහස් දෙසිය තුනක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
රෝගීන් තිදෙනෙකු මෙම කාලය තුළදී මිය ගොස් තිබෙන අතර, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් දහසක් වාර්තා වී තිබෙන අතර, කොළඹ මහ නගර සභා සීමාව තුළින් රෝගීන් 353ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 603ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 354ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 464ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 129ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 22ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 551ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 115ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 125ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 38ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 08ක්, වවුනියා දිස්ත්‍රික්කයෙන් රෝගීන් 64ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 09ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 533ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 466න්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 466ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 532ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 73ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 37ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 52ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 177ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 100ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 161ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 447ක් වාර්තා වී ඇත.