2015 ජනවාරි මාසයේ උද්ධමනය 3.2% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 2.1% සිට තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 දෙසැම්බර් මාසයේ 2.1% ක් ලෙස පැවති අතර, එය 2015 ජනවාරි මාසයේදී 3.2% ක් ලෙස මෙසේ ඉහළ ගොස් ඇත.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම උද්ධමනය මෙසේ ඉහළ යෑමට හේතු වී තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය දෙසැම්බර් මාසයේ වාර්තා කළ 3.3% සිට නව වසරේ ජනවාරි මාසයේදී 3.2% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.