ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව විසින් ළඟා කරගත් සතුට තමන් විසින් දැකැගැනීඹ ගැන සතුටට පත්වන බව දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු සහකාර ලේකම් නීෂා බිස්වාල් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රජයත්, සිවිල් සමාජයත්, පෞද්ගලික අංශයත්, එමෙන්ම දේශපාලන පක්ෂ සමගත් තමන් කතා කළ විට තමන් වෙත ඇසුණේ මෙම අපේක්ෂාවන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩා දීප්තිමත්ව සාක්ෂාත් කර ගැනීමේ නිරතුරු පණිවුඩය බවද ඇය කියයි.