ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ජනවාරි 30 වන දින උදේ 8.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වැඩි වූ මුලික වැටුපට අනුව දීමනා ඉහළ නොදැමීම ඇතුළු ගැටලු ගණනාවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකිරීමට තීරණය කර තිබෙන බව හෙතෙම පවසා සිටියේය.
මෙම දිනට පෙර ගැටලු විසඳීමට නොහැකි වුවහොත් වැඩවර්ජනය සිදුකිරීම වළක්වා ගැනීමට නොහැකි වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.