පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් නිමල් බෝපගේ මහතා අද(25දා) අමාත්‍යාංශයේදී වැඩ භාර ගැත්තේය.
මේම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන බෝපගේ මහතා වෘත්තියෙන් නීතිඥයෙක් මෙන්ම ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරනු ලබන අතර නීතිය හා ගණකාධිකරණය පිළිබඳව ප්‍රකට දේශකයෙක් ද වේ.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර තිබෙන බෝපගේ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා මානව සම්පත් සංවර්ධන සභාව යන ආයතනවල සභාපති ධූරය හොබවා ඇත.