පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති කරවීම සඳහා සෑම දේම බෙදු නමුත් එහි ජයග්ග්‍රහණය ලැබීමට නොහැකිවූ බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවසිය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අගුනුකොල පැලැස්ස පුරහලේ අද (03දා) පෙරවරුවේ පැවති තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
'' කොච්චර බෙදුවාද කියතොත් වී ගොවීන්ට බිත්තර වී වලටත් සල්ලි දුන්නා ගෙදර වී පිරිලා තියෙද්දී බිත්තර වී වලට චෙක් එක අරගත්තා . අපි සිල් රෙදි බෙදුවා ,ඊට අමතරව අල බෙදුවා හැම ගෙදරකටම අල කිලෝ පහ ගානේ බෙදුවා .මේ හැම එකම ඒ ජයග්‍රහණය උදෙසා කළත් ඒ ජයග්‍රහණය ලැබීමට නොහැකිවුණා.''