ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණයට මේ වනවිට රාජපක්ෂවරු තිදෙනෙකුගේ හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම් යෝජනා වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවයේදී ඊයේ (13දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
“පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා හරි අපූරු ප්‍රකාශයක් කළා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට කියනවා ‘ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජනාධිපති වුණාම ඔබතුමාට නම් ඇමතිකමක් ලැබෙන එකක් නෑ කියලා. අපි තාම ජනාධිපති තෝරාලා ඉවර නැති වුණාට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන බවට නියත විවවරණ දෙන්නේ අපේ පරම සතුරු පිළේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි”
ඔබතුමාලාගේ නම් අතර තව මොනවගේ නම්ද තියෙන්නේ?
ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වුණා.
හැබැයි 16 දෙනා කැමැති නෑ නේද රාජපක්ෂවරුන්ට?
අපි කියන්නේ වැඩි වැඩියෙන් නම් යෝජනා වේවා කියලයි. එවිට වඩාත්ම සුදුසු පුද්ගලයා තෝරා ගන්න අපිට හැකියාව ලැබෙනවා.