ජනපතිවරණයට නායකයෙක් හයර් කළොත් ඉල්ලා අස්වෙනවා
එක්සත් ජාතික පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය වර්ජනය කරන බවත් රත්තොට ආසනයේ පළාත් පාලන ආයතන මන්ත්රිවරු සහභාගි නොකරන බවත් පක්ෂය තුළ හිදිමින් දේශපාලන තින්දුවක් ඉදිරියේදි ගන්නා බව මාතලේ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී, රත්තොට එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ මහතා ඊයේ (04දා) පැවසිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ
“අලුවිහාරේ පරපුර නායකයන් පස්සේ ගිහින් තනතුරු ලබා ගන්නේ නෑ. ජනතාව පස්සේ ගිහින් මන්ත්රීකම් ලබා ගත්තා. අපට සාධාරණයක් වෙන්න ඕන. හැමදාම මාතලේට දඹුල්ලට කොළඹට මැයි දින රැළිවලට සහ වෙනත් රැළිවලට සෙනග ගෙන්න කිය කිය ලියම් එවනවා. ඒත් ජනතාවට සෙතක් නැහැ. මාතලේ ජනතාවගේ ප්රශ්න රාශීයක් තියනවා. රැකියා ප්රශ්නය ආදිය. අපි මේවාට කෙසේ හෝ විසදුම් ලබා දිය යුතුයි. ඉදිරි ජනාධිපතිවරණයේදි පක්ෂයේ වැඩි දෙනාගේ කැමැත්ත මත කවුරු හෝ පක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකර නොකර හයර් කරන නායකයෙක් ගෙනාවොත් එදාට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වන පළමු පුද්ගලයා මමයි”
රත්තොට රුවන් ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


