2020 දි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්විමට තමන්ට ගැටලුවක්ද අවශ්‍යතාවයක්ද නැති බවත් තමන් සැමවිට පවසන්නේ පක්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14දා) මහනුවරදි පැවසිය.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් හමුවිම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
ඇමරිකන් තානාපතිවරයා විසින් ඝෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලයට ඒමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා පහසුකම් සපයන්නේ නැති බවත් වාර්තා වන තොරතුරු පළිබඳව විමසූ විට ඔහු මෙම අදහස් දැක්වීය.
“මම නම් දන්නෙ නැ එහෙම ප්‍රකාශ කළාද කියල. නමුත් එහෙම ප්‍රකාශ කළානම් ඇමෙරිකන් තානාපතිවරයෙක් එච්චර පහත් තත්වයකට වැටෙයි කියා මම විශ්වාස කරන්නේ නෑ.”