‘ජනපතිතුමා කරපු දෙයට කෙලෙහිගුණ තියන්න කියලා මම අපේ මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
‘අපි පහුගිය ටිකේ දැක්කා අපේ පක්ෂෙ අයත් ජනපතිතුමාට අපාහස කරනවා. ආප්පයා කියනව, පාවාදුන්නා කියනව, පික්පොකට් කාරය කියනවා. නමුත් ඔය කවුරුත් එතුමා අපි සමග එක් වූ අවස්ථාවෙ එහෙම කිවුවෙ නෑ. ගැලවුම්කාරයා කියලයි කිවුවෙ. එදා ඒ රට විනාස කරපු පෝරිසාදයාගෙන් අපිව ආරක්ෂා කරන්න ගැලවිලා එන්න කොන්දක් තිබුනෙ නෑ වෙන කෙනෙකුටවත්. ඒ අවධානම ගත්තෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාට ඒ අවස්ථාවෙ දුන්නෙ අපේ පක්ෂෙ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනිසා කවදාවත් අතීතෙ අමතක කරලා වැඩක් අරගෙන අමතක කරලා දාන්න එපා. ඒක නෙමෙයි යුතුකම. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුම්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුම්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ.‘ යැයි රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.