ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට මරණීය තර්ජන එල්ල කළ 26 හැවැරිදි තරුණයෙකු එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය. දිනුෂ් චාමර නම් සැකකරු විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමට හඩ පටයක් එක්කරමින් ඔහු මෙම තර්ජනය සිදුකොට තිබේ.