ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකරනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒකාබද්ධ විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ සේම රටේ ජනතාවගෙන් පැතුම වී තිබෙන්නේ කඩාවැටෙමින් තිබෙන රට ගොඩනැගීම බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඇතිවිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සකස් කිරීමට තවමත් හැකියාව තිබෙන බවද අද (26දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කැඳවුම්කරු සඳහන් කළේය.