ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාවති හා හිටපු මහ ලේකම් අතර විවාදයක් අවශ්‍ය නැතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතරදී පැවැසීය.
යහ පාලනය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිට ආරාධනාවක් කර තිබෙන අතර ඔහු විසින් අද (23දා) නැවතත් එම ආරාධනාව කළේය.
මේ සම්බධයෙන් අදහස් දක්වමින් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවැසුවේ ජනපතිවරයා විවාදයට යෑමට කටයුතු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එයට ඉඩ නොදෙන බවයි.
මාතර දිස්ත්‍රික් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.