ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගත් දිනයේදී ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අපහාස සහ තර්ජනය වන යම් යම් ප්‍රකාශ මුහුණුපොත (ෆේස්බුක්) හරහා ප්‍රසිද්ධ කරන ලදැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා අද (28දා)නියම කළේය.
මැලේසියානු බලධාරීන් විසින් අත්අංගුවට ගෙන ලංකාවට පිටුවහල් කර එවීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙලෙස රිමාන්ඩ්භාරයට පත්කරන ලද්දේ ගම්පහ යක්කල පදිංචි එල්.ඒ. සුගත් කුමාර නමැත්තෙකි.