ශ්‍රී.ලං.නි.පක්ෂයෙන් සම්මන්ත්රණ මාලාවක්
තුන්වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් නොමැති බව පවසමින් නීතිමය ලෙස ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වේ.
එවැනි හැකියාවක් නොමැති බව දන්වා පසුගිය දින හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ යමෙකුට තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අතර, එය සම්මත වූයේ වත්මන් ජනාධිපතිවරයා සිය දෙවැනිධුර කාලයට පත්වීමෙන් අනතුරුව බැවින් නව නීතිය ඔහුට බලනොපාන බවට නීතිමය ලෙස කරුණු පැහැදිලි කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සම්මන්ත්රණ මාලාවෙන් අදහස් කරයි.