ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර සැමරීම සඳහා කුරුණෑගල පැවැති නිදහස් පක්ෂ සංචත්සර උත්සවයට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එක්වූ විට පාක්ෂිකයන්ගෙන් ලැබුණ ප්රතිචාරයට වැඩි ප්රතිචාරයක් ඔහු කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සර උත්සවයට ජනපතිවරයා එක්වෙද්දී ලැබුණ බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද පුවත්පතට ඔහු ලියන 'කුරහන් සුවඳ' ලිපි මාලාවේ අද (14දා) නිකුත් වූ ලිපියේදි ඔහු මේ බව පවසයි. එහි මෙසේච සඳහන් වෙයි.
"ජනපතිවරයා කුරූණෑගල පැවැති නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙද්දී පාක්ෂිකයන්ගෙන් ලැබුණ ප්රතිචාරයට වැඩි ප්රතිචාරයක් ඔහු කැම්බල් පිටියේ පැවැති එජාප සංවත්සරයට එක්වෙද්දී ලැබුණා. කොහොම වුණත් නිදහස් පක්ෂ සභාපති වශයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට නොගියා නම් හොඳ බව පාක්ෂිකයන්ගේ මතයයි. එක්සත් ජාතික පක්ෂය අපේ සංවත්සරයට එව්වේ මහලේකම් නම් අපිටත් කරන්න තිබුණේ එක්සත් ජාතික පක්ෂ උත්සවයට නිදහස් පක්ෂ මහලේකම්වරයෙකුව යැවීමයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ මහලේකම් පුන පුනා කියන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලයි. නමුත් ජනපතිවරයාගේ කතාව පටන් ගන්නේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට ස්තූති කරලයි. 2020දී ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන බවට කුරුණෑගලදී පැවසූ ජනපතිවරයා කොළඹදී ඒ පිළිබඳව සඳහනක්වත් කළේ නෑ. කිව්වේ රටේ ප්රශ්න විසඳන්න ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා කියලයි."