ජනාධිපතිවරයාගේ විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඔළුගෙඩි මාරුවක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් විද්‍යාත්මක පදනමින් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරන බවට ජනතාවට ලබාදුන් පොරොන්දුව කඩ වී තිබෙන බවත්, සිදුව ඇත්තේ අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමේ බර ජනතාව මත පැටවීම පමණක් බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.