පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ලන්ඩන් බලා ගිය දූත පිරිසට 100ක් පමණ එක්ව සිටි බවට පළ වූ වාර්තා අසත්‍ය බවට ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිය නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපති නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා හා ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, භාෂා පරිවර්තක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
උපුටා ගැනීම
“පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගි වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.
මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.
තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද, ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක්ද මීට එක්ව සිටිති.
ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවැති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගි වී නොමැත.
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගි වී ඇත්තේ ආර්ථික සමුළුවට බවද දන්වා සිටින අතර, එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත. එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගි වන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටිමු.”