ඉන්දීය සංචාරය නිමකර ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (18දා) නැවතත් ශ්රී ලංකාවට පැමිණියා.
ඊට ප්රථමව ජනපතිවරයා ඉන්දියාවේ තිරුමාලාහි පිහිටි වෙන්කටේස්වර දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්වුණා.
අලුයම ජනපති බිරිඳ වන ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය සමග දේවලයට ගිය ජනපතිවරයා අනෙකුත් භක්තිකයන් මෙන් පෝළිමේ ගමන්කර ආගමිකවතාවත් වල නිරතවූ බව හින්දු පුවත්සේවය පැවැසුවා.
මේ පළිබඳව වාර්තා කළ හින්දු පුවත්සේවය සඳහන් කළේ, නිරහංකර ජනපති යුවළ අනෙකුත් මන්ත්රීන් මෙන් සෘජු ඇතුළුවීමෙන් තොරව සාමන්ය ජනතාව සමග පෝළිමේ ගොස් ආගමිකවතාවත් සඳහා එක්වූ බවයි.
දේවාලයට ඇතුළු වීම සඳහා පැමිණි ජනපති ඇතුළු පිරිසට එයට ඇතුළු වීම තරමක් ප්රමාද වූ බවත් හින්දු පුවත් සේවය සඳහන් කළා.
ඒ එහි ප්රධාන දොරටුවේ අගුල් නිසියාකාරව විවෘත කරගැනීමට නොහැකිවීම හේතුවෙන්. පසුව එම අගුලු කඩා දමා පිරිස දේවාලය තුළට ගත් බවද හින්දු පුවත්සේවය වැඩිදුරටත් පැවැසුවා.