ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (01දා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයෙකුට හිමිවන මුක්තිය අපරාධ වැරදි සම්බන්ධයෙන් අදාළ වන්නේ ධුරය දරණ කාලයට පමණක් යැයි නියෝජ්‍ය ඇමතිවරයා පවසා තිබෙන බවත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය අනුව එම ප්‍රකාශය අසත්‍යක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා,
“මේකට ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම උත්තර දෙනවා නම් කියන්න වෙන්නේ බම්බුව තමයි කියලා. ඒ සම්බන්ධයෙන් තිබෙන විධිවිධානය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය අතිශයින්ම පැහැදිලියි. එහි සඳහන් වන්නේ
“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වා ගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන්.
ඔන්න අජිත් පෙරේරා මැතිතුමනි, අපරාධ නඩු සම්බන්ධයෙන් මුක්තිය අදාළ නැති බවට ව්‍යවස්ථාවේ කියා තිබෙන වගන්තිය අපට උපුටා දක්වන සේක්වා”යනුවෙන් පවසා සිටියේය.