මැලේසියානු රජයේ නිල ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අනිද්දා (15දා) මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්රී ලංකා - මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උලෙළ, සංස්කෘතික ප්රසංග හා ආහාර ප්රදර්ශනයක් නැරඹීමටද ජනාධිපතිවරයා මෙහිදී එක්වනු ඇත.
මේ අතර මෙම සංචාරයේදී දෙරටට වැදගත් නව වෙළෙඳ ආයෝජන අවස්ථා දියුණු කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට එළඹීමටද නියමිතය.
මෙම නිල සංචාරයේදී ජනාධිපතිවරයා දෙරට අතර පවත්නා සබඳතා වර්ධනය කරගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියානු රජතුමා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.