බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමා තරම් චරිත ඝාතනයට ලක්වූ තවත් පුද්ගලයෙක් නොමැති බවත් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශක් කරමින් මේ බව සඳහන් කරයි.
තම ප්‍රකාශය සඳහා පදනම 2018/01/03 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය බවත් ඔහු පැවැසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ තමාට එරෙහිව අල්ලස් හා දූෂණ පනත යටතේ නඩු පැවැරිය යුතු බවට සඳහන් වුවද පසුව තමාට ලැබුණ වාර්තාවේ සඳහන් වන්නේ වරදක් සිදුවූ ඇත්ද යන්න අදාළ ආයතනය සොයා බලා එසේ වරදක් සිදුවූ ඇත්නම් පමණක් අදාළ ක්‍රියාමාර් ගන්නා ලෙස බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසම විසින් තමාට නඩු පවරන ලෙස සඳහන් වන්නේ කොතනකදැයි යන්න සඳහන් කරන ලෙසත් මන්ත්‍රීවරයා පවසයි.
අසත්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙන් නඩු පැවැරිය යුතු බවට ජනපතිට ලියා දුන් ප්‍රකාශයේ තිබුණත් වාර්තාවේ දැක්වෙන්නේ සාක්ෂි සදොස් යැයි තීරණය කළහොත් නීතිමය පියවර ගත යුතු බව යැයිද ඔහු සඳහන් කරයි.
සත්‍යයෙන් තොර විකෘති කරුණු ජනපතිවරයාගේ ප්‍රකාශයට පැමිණියේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.