ජනාධිපතිවරයා සතු විධායක බලතල කපාහැර රට ප්රජාතන්ත්රවාදයට යොමුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අනාගාරික ධර්මපාලතුමාගේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ පුද්ගලයෙකු ලෙස හැඳින්වීමට හැකි බව මහාබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.
කිසිම කෙනෙක් තමන්ගේ බලතල අත්නොහරින යුගයක ජනාධිපති බලතළ අත්හරින්නට ජනාධිපතිතුමා මහතා ගත් තීරණ අනගාරික ධර්මපාලතුමා එදා තමන්ගේ ධනය, තනතුරු, අත්හැරීමට ගත් තීරණය හා සමානයි කියා මම හිතනවා.
ධර්මපාලතුමා එදා කරගෙන ගිය සද්ක්රියාදාමය ප්‍රායෝගිකව ඉෂ්ට කළ පුද්ගලයෙකු ලෙස ජනාධිපතිතුමාගේ නාමය ඉතිහාසය රන් අකුරින් ලියැවෙනවා ඇති.
අද පැවති අනගාරික ධර්මපාලතුමාගේ 82 වැනි ගුණානුස්මරණ උත්සවයේදී උන්වහන්සේ මේ බව පැවසීය.