මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල සංචාරක හෝටලයකදී හෙට (26දා) පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා සහභාගීවන ලෙස දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ලේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබිණි.
පසුව අද (25දා) පස්වරුවේ නගරාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතා දැනුම්දී සිටියේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එම අවස්තාව ආවරණය කිරීමට ලබාදීමට නොහැකි බව තමන්ට දැනුම් දී ඇති නිසා නොපැමිණෙන ලෙසයි.
මෙම රැස්වීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සංවිධානය කරනු ලබයි. මේ පිළිබඳව ජනක බණ්ඩාර ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් දුමින්ද අමරසේකර මහතාගෙන් විමසීමේදී කිවේ පිටස්තර මාධ්‍යවේදීන්ට ඒ සඳහා ඇතුළු වීමට නොහැකි බව ජනාධිපති මාධ්‍ය ඒකකය තමන්ට දැනුම් දී ඇති බවයි.