එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුව නියෝජනය කරන සමහර මැති ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ජනවරමටද පයින් ගසා වැඩකටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ නිසා රටේ ජනතාවට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැදිහත්වීමට ට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ජනාධිපතිවරයාට මෙරට ජනතාවගෙන් බහුතරයකගේ වරම් හිමිවී තිබෙන බවත්, එම ජනවරමට පයින් ගසා කටයුතු කරන සමහර පුද්ගලයන්ට දිස්ත්‍රික් ජනවරමක්හෝ නොමැති බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙමසඳහන් කළේය.