කසළ බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කසළ බැහැර කිරීම සඳහා බාධා ඇතිකරන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසර දී තිබේ.
ඒ අනුව, ජනතාවගේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. ස්වාභාවික සම්පත් රැක ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකුගේ යුතුමක් බවත් මෙම නීති හරහා එයද යම් පීඩනයකට ලක්කර ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.