ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30දා) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතාචාර නොදක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට පවසා ඇති බව වාර්තා වෙයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් ජනපතිවරයා කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිචාර දැක්විය යුතු බවට පැවැසීමත් සමගය.
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ජනපතිවරයාගේ ප්රකාශයන්ට ප්‍රතිචාර දැක්වීම නොව ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇතැයි වාර්තා වෙයි.