පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා දින 100 වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30දා) කළ කතාවට තමන් සම්පූර්ණයෙන්ම එකඟ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.
දින 100 වැඩපිළිවෙළ හරහා සිය පොදු අරමුණුවලට යෑමට නොහැකි වූ බවත් එකල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවානම් තමන්ගේම බහුතරයකින් කටයුතු කිරීමට හැකියාවක් තිබුණ බවත් අමාත්‍යවරයා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.