ජනාධිපතිවරයා ළඟ තියෙන කඩුව සැබෑ ලෙසම භාවිත කරනවා නම් ඌව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට කඩුව භාවිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
විදුහල්පතිනිය පවසන ආකාරයට ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයට ගෙන්වා වැද සමාව අරගෙන තිබෙන බවත්, මේ නිසා ප්‍රධාන අමාත්‍ය තනතුරට මෙම පුද්ගලයා සුදුසු නොමැති බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම සිද්ධිය යට ගැසීමේ උත්සාහයක්ද පවතින බවත්, එහෙත් ගුරු සංගම් හා ජනතාව එකතු කරගෙන ඒ වෙනුවෙන් මැදිහත් වීම සිදුකරන බවද ඒ මහතා අවධාරණය කළේය.