ඒකපාර්ශ්වීය හෝ අන්තවාදී නොවී සියලු දෙනාටම මාධ්‍යයේ දොරටු විවෘත කරන කරන්නැයි මාධ්‍යයන්ගෙන් කාරුණිකව, ගෞරවාන්විතව හා සෙනෙහෙබරව ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම අදහස් අද (27දා) දැක්වීය.
එසේම පරාජය වූ, හිටපු, දරදඬු, තක්කඩි පාලකයන් වෙනුවෙන් මාධ්‍ය ආයතන පෙනී සිටින අයුරු දුටුවිට පුදුමවෙන බවත් ඔහු පැවැසීය. එසේම එම පාලකයින් මාධ්‍ය ආයතන ගිනිතබා, මාධ්‍යවේදීන් ඝාතනය කර නීති දැමූ බවද පැවැසීය.
ඡන්ද දායකයන් වූ 58 ලක්ෂය හෝ 62 දෙලක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවාද නැතහොත් පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙස මාධ්‍යයන්ගෙන් කාරුණිකව, ගෞරවාන්විතව හා සෙනෙහෙබරව ඉල්ලා සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.